සජිත් සහ අනුර ගැන ජනපතිගෙන් අමුතු කතාවක්

තමා රටේ නායකත්වය භාරගත්තේ වෙනත් අයෙක් නොසිටි නිසා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනතාව දුකසේ සිටින විට සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක ජනතාව වෙනුවෙන් අත් නොඉස්සු බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.

ඔවුන් දැන් බලය ලබාගැනීමට ඉදිරිපත් වී ඇත්තේ කෑදරකමට බවද ජනපතිවරයා කොස්ගම පැවති රැලියකදී කියා සිටියා. .

“අනිත් අය කියන්න මොකක්ද කළේ කියලා. අපිට වේදනාවක් තිබුණා. වේදනාව තිබෙන නිසා ක්‍රියා කළා. ඒ අයට වේදනාව තිබුණේ නැත්ද? ඔබේ දුක දැක්කේ නැත්ද? දරුවෝ පාසල් නොයන එක දැක්කේ නැත්ද? අන්න ඒවාට පිළිතුරු දෙන්න ඕනේ.

මම මෙතෙන්ට ආවේ වේදනාව නිසා. මම ආවේ රාජපක්ෂලා ආරක්ෂා කරන්නලු. ඒ ගොල්ලන්ව ආරක්ෂා කළා නම් ඒ අය මේ වේදිකාවේ ඉන්න එපැයි. ඒ වෙලාවේ වේදනාව දැකලා ආවේ නැති අය ඇයි දැන් එන්නේ? කෑදරකමට.” යැයි එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles