ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගේ පුතාට එරටින් ප්‍රබල චෝදනාවක්

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගේ 32 හැවිරිදි පුතු වන යාරී, තවමත් එරටට නොපැමිනීම නිසා ඔහුට මෙම දෝෂාරෝපණ එල්ල වෙමින් තිබෙනවා.

ඒ ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර ගැටුම් උත්සන්න වෙද්දී, ලොව නන්දෙසින් යුදෙව්වන් සිය ගණනින්, හමාස් සටන්කාමීන්ට එරෙහිව සටන් වැදීමට ඊශ්‍රායලය බලා පැමිණෙමින් සිටිය දී යාරී එරටට නොපැමිණ ඇමෙරිකාවේ සිටින නිසයි.

කෙසේ වූව ද මේ වන විට යුද පෙරමුණට ගොස් සිටින ඊශ්‍රායල තරුණයන් ගණන ලක්ෂ 4 ක් වන අතර නමුත් යාරී ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ ඔහුට අයත් නිවසක ජීවත් වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles