පසුගිය බදාදා (20) දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වුණේ බැසිල් සහ මහින්දගේ ප්‍රධානත්වයෙන්. ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් මෙහි සාකච්ඡා වුණු බව සියලු මාධ්‍ය වාර්තා පළ කළා.
කෙසේ වෙතත්, රනිල් වික්‍රමසිංහ ජනපතිවරයා වෙනුවෙන් ඍජුව පෙනී සිටින අමාත්‍ය ප්‍රසන්න රණතුංගට මේ රැස්වීමට පැමිණ සිටි රාජපක්ෂ පවුලේ ඥාතිවර හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මුහුණට මුහුණ හමු වුණා. දෙදෙනා අතර කලක පටන් විරසකයක් පැවති අතර උදයංග බොහෝ තැන්වලදී ප්‍රසන්නට දොස් පවරා තිබුණා.
මෙහිදී උදයංග දුටු ප්‍රසන්න කෝපාවිශ්ඨව උදයංගට බැණ වැදුණා.
“මෙයා තමයි මහින්ද මහත්තයට කෙළවන්නේ. මයික් දැක්කම වාචාලකමට කියවනවා. ගොං තඩියා. අපි පොහොට්ටුව හදනකොට මුං ලංකාවෙත් නෑ. මිග් යානා ගනුදෙනු නිසා එළියට එන්න බයේ හැංගිලා හිටියේ. අපි පොහොට්ටුව හදපු නිසා යන්තං එළියට ආවා.. එහෙම එවුන් අපිට දේශපාලනය උගන්වන්න එනවා..“
ආදී වශයෙන් නොනවත්වා ප්‍රසන්න බැණ වැදුණේ, එහි මහින්ද සහ බැසිල් ඉන්නා බව පවා ගණනකට නොගනිමින්.
කෙසේ වෙතත්, එහිදී උදයංග සිය සිංහ නාද අමතක වී ගියා සේ, ප්‍රසන්නගෙන් සමාව ඉල්ලනු දක්නට ලැබුණා.
ගැටුම තවදුරටත් දිගට යා නොදී මන්ත්‍රී ප්‍රසන්න රණවීර විසින් ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා ඉවතට ඇදගෙන යනු දක්නට ලැබුණා.