ඊශ්‍රායල් ආණ්ඩුවේ ප්‍රබලයෙක් ඉවත් වෙයි

ඊශ්‍රායල රජයේ ප්‍රබල අමාත්‍යවරයෙක් ඉල්ලා අස්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එසේ ඉල්ලා අස්වී ඇත්තේ ඊශ්‍රායල යුද කැබිනෙට්ටුවේ ප්‍රබලයෙක් ලෙස සැලකෙන බෙනි ගාන්ට්ස්.

විශේෂයෙන් යුද්ධයෙන් අනතුරුව ගාසා තීරය සඳහා ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් පැහැදිලි ක්‍රමවේදයක් ඉදිරිපත් කර නොමැතිවීම හේතුවෙන් මතුවී ඇති අර්බුදය නිසා ඔහු රජයෙන් ඉවත්වී ඇති බවයි සඳහන් වෙන්නේ.

ඊයේ (09) ටෙල් අවීව් නගරයේදී මාධ්‍ය අමතමින් ඔහු පැවසුවේ තමා මෙම තීරණය ට එළඹුණේ දැඩි පසුතැවිල්ල හේතුවෙන් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles