බදු වැඩිකිරීමේ සැලසුමක් ඇතුළු ජනතා පීඩක වැඩපිළිවෙලක් හේතුවෙන් කෙන්යානු රජයට එරෙහිව ජනතා උද්ඝෝෂණ රැල්ලක් ඇරඹී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරනවා.
උද්ඝෝෂකයන් කෙන්යාවේ අගනුවර වන නයිරෝබිහි පිහිටි එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ද ගිනි තබා ඇතැයි සඳහන් වෙනවා.
පොලිසිය උද්ඝෝෂකයන්ට වෙඩි තැබීමෙන් 5 දෙනෙක් පමණ මිය ගොස් ඇති බවයි විදෙස් පුවත් ඒජන්සි වාර්තා කර ඇත්තේ.