විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් මැතිවරණය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලාංකික පවුලක වත්මන් අවශ්‍යතා සපුරාලීමට වඩාත් සුදුසු කවුරුන්ද යන්න විමසමින් දීපව්‍යාප්තව පවත්වන ලද සමීක්ෂණයකදී එම හැකියාව 24.3% ක ප්‍රතිශතයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහට පවත්නා බව අනාවරණය වූ බව පැවසෙනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට, එම හැකියාව පවතින බව සදහන් කර ඇත්තේ, 19.3% ක ප්‍රතිශතයක් පමණයි.
2024 ජූලි මස පළමු වෙනිදා සිට 12 වෙනිදා දක්වා කාලය තුළ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ සමික්ෂණ පර්යේෂණ අංශය වන ෂෝෂල් ඉන්ඩිකේටර්, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පිළිබද විශ්වාසය සම්බන්ධයෙන්, සිදුකරන ලද සමීක්ෂණයකදී මෙම තොරතුරු හෙළි වී තිබෙනවා.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකට පවුලක වත්මන් අවශ්‍යතා සපුරාලීමට 15%ක ප්‍රතිශතයක් ඇති බවයි පැවසෙන්නේ.
විශේෂත්වයක් වන්නේ 28.8% දෙනෙකු කිසිවෙකු ඊට සමත් නොවන බව සදහන් කර තිබීමයි.