2023 උසස් පෙළ විභාගය පසුගිය දා පැවැත්වුණු අතර කෘෂි විද්‍යාව දෙවැනි පත්‍රය පිටවී ඇති බැවින් එම විභාගය අවලංගු කර දැමුණා. පසුව මේ ගැන සොයා බැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වුණු අතර මේ සම්බන්ධයෙන් සැකපිට රජයේ පාසලක ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කෘෂි විද්‍යාව ඉගැන්වීමේ නිරත ඔහු 52 හැවිරිදි අම්පාර ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක ගුරුවරයෙක්.
ඔහුගේ නිවසේ තිබී ඔහුගේ අත්අකුරින්ම ලියූ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රද සොයා ගත් බව විමර්ශන අංශ පවසනවා.
උපකාරක පංති පවත්වන අයෙකු වන ඔහු විසින් කෘෂි විද්‍යාව 1 ප්‍රශ්න පත්‍රය ජනවාරි 8 ද දෙවන කොටස 10 දිනද නිකුත් කර තිබෙනවා.