දුම්රිය දෙකක් ගැටී ඉන්දියාවේ බිහිසුණු අනතුරක්

ඉන්දියාවේ බටහිර බෙංගාලයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙක් මියගොස් 60 දෙනෙක් පමණ තුවාල ලබා තිබෙනවා.

ඩාර්ජිලින්ග් දිස්ත්‍රික්කයේදී මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මගී ප්‍රවාහන අධිවේගී දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක්.

අනතුරට ලක්වූ කන්චන්ජුන්ගා අධිවේගී දුම්රිය ඇසෑම් හි සිල්චාර් සිටි කොල්කටා බලා ධාවනය කර ඇති අතර රන්ගාපානී දුම්රිය ස්ථානය ආසන්නයේදී මගී ප්‍රවාහන දුම්රිය පසුපසින් පැමිණි භාණ්ඩ ප්‍රවාහන දුම්රිය එහි ගැටී අනතුර සිදු වී තිබුණා.

අනතුරින් පසුව දුම්රිය දෙකම පීලිපැන ඇති අතර තුවාල ලැබූ පුද්ගලයින් 60කට වැඩි පිරිසක් රෝහල්ගත කිරීමට බලධාරීන් විසින් පියවර ගත් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles