අද (07) උදෑසන රත්නපුර, ඇඹිලිපිටිය ප්රධාන මාර්ගයේ පතුල්පාන ප්රදේශයේදී සිමෙන්ති තොගයක් ප්රවාහනය කරමින් තිබූ ලොරි රථයක් අනතුරට ලක්ව තිබෙනවා.
තිරිංග අක්රීය වීම හේතුවෙන් පැමිණි වේගයත් සමඟ රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිවීම නිසා මෙම අනතුර සිදුවී ඇති අතර එම ලොරිය මාර්ගයේ නවතා තිබූ තවත් ලොරි රථයක ද ගැටීමෙන් පසුව ලොරි රථ දෙකම අධික බෑවුම් සහිත ප්රදේශයේ පහළින් ඇති ඇළට පෙරලී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙම අනතුරෙන් සිමෙන්ති ප්රවාහනය කළ ලොරි රථයේ රියදුරා ජීවිතක්ෂයට පත් වූ බව සඳහන්.