ඕමානයේ බිහිසුණු ගංවතුර තත්වයක්

ඉරිදා සිට ඇද හැළෙන අධික වර්ෂාව සමග දැඩි ගංවතුර තත්වයක් ඇති වී තිබෙන බව විදෙස් පුවත් ඒජන්සි වාර්තා කරනවා.

ආපදා තත්වයෙන් මරණ 17ක් වාර්තා වූ බව ද සඳහන්.

මේ නිසා රජයේ ආයතන ගණනාවක් වසා දමා තිබෙනවා. අධික ජලගැලීම් නිසා මේ තත්වය ඇති වූ බවයි වාර්තා වන්නේ.

ඉදිරි දිනවලදී ද වර්ෂා තත්වයේ අඩුවක් නොවෙන බවයි කාලගුණ විද්‍යා අංශ පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles