දැවැන්ත පාඩුවක් ලබන ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරියක්, ප්‍රංශයේ අධ්‍යාපන චාරිකාවක් වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ ගිණුමෙන් තමනට සපත්තු සහ බෑග් මිලට ගත් සිදුවීමක් පසුගිය දා අප වාර්තා කළා. මේ සඳහා ඇය රු.63000ක මුදලක් වියදම් කර ඇති බවයි සඳහන් වූයේ.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ලංවිම විසින් විමර්ශන කමිටුවක් පත් කර තිබෙනවා. එම කමිටුව විශ්‍රාමික විනිසුරුවරයෙක්ගෙන් ප්‍රධානත්වයෙන් රැස් වෙනවා. අදාළ සාමාන්‍යාධිකාරිවරියට පරීක්ෂණය සඳහා ඇය ලංවිම බිලට මිලට ගත් සපත්තු සහ බෑග්ද රැගෙන එන ලෙස දන්වා තිබෙනවා.