පොලිස් සැරයන්ගේ මාලෙ කඩාගෙන දිව්ව නීලකාස හොරෙක්

මේ සිදුවීම වාර්තා වන්නේ රත්නපුර ප්‍රදේශයෙන්. රත්නපුර පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන් සිව සුබ්‍රමනියම් රාජකාරි නිමවී සුපිරි වෙළෙඳසැලකින් බඩු මිලට ගෙන ඇති අතර භාණ්ඩ ප්‍රමාණය මඳක් වැඩි වූ නිසාවෙන් අත්දෙකෙන්ම භාණ්ඩ ඔසවාගෙන බස් නැවතුමට පැමිණ තිබෙනවා.

එහිදී කිසියම් පුද්ගලයෙකු පැමිණ ඔහුගේ ගෙල බැඳි රන් මාලය කඩාගෙන දිව ගොස් තිබෙනවා. දෑතින් බඩු ඔසවාගෙන සිටි නිසා සැරයන්වරයාට කිසිවක් කරකියාගත නොහැකි වීමේ වාසිය ප්‍රයෝජනයට ගත් මේ සොරා මාලය කඩා ගෙන දිව යද්දී අවට සිටි පිරිස් ඔහුව හඹා ගොස් අල්ලා ගත් බවයි පැවසෙන්නේ. කෙසේ වෙතත්, පවුම් තුනක් පමණ බරැති වටිනා රන් මාලය කෙසේ හෝ ගලවා ගන්නට සමත්ව ඇති බවයි දැනගන්නට ඇත්තේ. සොරකම සිදු කර ඇත්තේ මත්ලෝලී අයෙක් බව සඳහන්.

මූලාශ්‍ර – දිවයින පුවත්පත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles