මන්ත්‍රී අලිසබ්‍රිගෙන් ප්‍රාදේශීය ලේකම්ට ගෝරනාඩුවක්

පුත්තලම පැරණි මන්නාරම මාර්ගයේ රජයට අයත් ඉඩමක් පිරිසක් විසින් නීතිවිරෝධී ලෙස අත්පත් කරගන්නා බවට ලැබුණු පැමිණිල්ලක් මත එම ස්ථානය පරීක්ෂාවට ඊයේ (26) එහි ගිය පුත්තලම ප්‍රාදේශීය ලේකම් සම්පත් වීරසේකරට පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තර්ජනය කර තිබෙනවා. ඔහු තර්ජනාත්මකව ලේකම්වරයාට දොස් නැගූ බවයි වාර්තා වන්නේ.

උක්ත ඉඩම කිසිවෙකුටත් ඇතුළු නොවන ලෙස ප්‍රාදේශීය ලේකම්වරයා විසින් තහනම් කළ ඉඩමක් බවත් එහි කම්බි ගසන බවට ලද තොරතුරක් මත ප්‍රාදේශීය ලේකම්වරයා එය පරීක්ෂාවට ගිය බවත් සඳහන්.

මේ ගැන අලිසබ්‍රි මන්ත්‍රීවරයා පවසා ඇත්තේ, ප්‍රාදේශීය ලේකම්වරයා ඉරිදා පැමිණීම වුවමනා නැති බවත් ඔහු පැමිණිය යුත්තේ සඳුදා බවයි.

අලිසබ්‍රි රහීම් මන්ත්‍රීවරයා පසුගිය දා ආන්දෝලනයට ලක් වූයේ ගුවන්තොටුපොළ හරහා රත්රන් සහ දුරකතන තොගයක් හොරෙන් රැගෙන ඒම නිසාවෙන්. ඒ සඳහා ඔහුට දඩයක්ද පනවනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles