පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, ඇමතිවරුන්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් දීමනා සහ වරප්‍රසාද නැවත සලකා බැලීම පිළිබඳව කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
දැනට පවතින අණපනත් අධ්‍යයනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ බවයි කැබිනට් තීරණ දැනුම් දීමේ සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය විජිත හේරත් පවසා සිටියේ.
එම කමිටුවේ සාමාජිකයින් ලෙස නම් කර ඇත්තේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි (සභාපති) , විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ඩී. දිසානායක ,විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් ජයන්තා බුළුමුල්ල යන අයයි.
අමාත්‍ය විජිත හේරත් වැඩිදුරටත් කියා සිටියේ එම කමිටුව සකසන වාර්තාව කැබිනට් මණ්ඩලයට යොමු කර ඒ අනුව ඉදිරි තීරණ ගන්නා බවයි.