හිටපු අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ කළුතර නායකයෙකු වූ පාලිත තෙවරප්පෙරුමගේ මළගම දා ජාතික ජනබලවේගයේ විධායක කමිටු සභික නලින්ද ජයතිස්ස අවමංගල සභාව ආමන්ත්‍රණය කිරීම විශේෂත්වයක් වුණා.
ඔහුම පැවසූ පරිදි වෙනත් දේශපාලන පක්ෂයක අයෙකුගේ මළගමකදී කරන පළමු ගුණකථනය වූයේ එයයි. කෙසේ වෙතත් ඔහු කියා අවමංගල සභාව අමතමින් කියා සිටියේ පාලිත තෙවරප්පෙරුමට මන්ත්‍රී ධුර, ඇමැති ධුර අවශ්‍ය වූයේ මහජන සේවය පිණිස පමණක් බවයි. දේශපාලනයෙන් දේපළ ගොඩනගනවා වෙනුවට ජනතාවගේ හදවතේ ඉතාම ගැඹුරු තැනක මුද්‍රාවක් තැබූ අයෙකු ලෙස ඔහු තෙවරප්පෙරුමව හඳුන්වා දෙනු ලැබුවා.
තෙවරප්පෙරුම ඉතාම දුෂ්කර අවස්ථාවලදී පවා ජාතිවාදය ප්‍රතික්ෂේප කළ අයෙක් බව කී නලින්ද නිර්ප්‍රභූ දේශපාලනයේ කටයුතු කළ ඔහුට දේශපාලන භේද නොතිබූ බව වැඩිදුරටත් සඳහන් කළා.