තායිවාන නව ජනපතිගෙන් චීනයට සැර කතාවක්

තායිවානයේ නව ජනාධිපතිවරයා වශයෙන් විලියම් ලායි ඊයේ (20) දිව්රුම් දෙනු ලැබුවා.

වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වන ඔහු පසුගිය ජනවාරි මාසයේ පැවති ජනාධිපතිවරණයෙන් අති විශිෂ්ඨ ජයක් ලබාගනිමින් තායිවානයේ ජනාධිපතිවරයා ලෙස ‌තේරිපත් වුණා.

ඒ අනුව ඊයේ (20) ජාතිය අමතා සිදු කළ කතාවේදි විලියම් ලායි චීනයටද දැනුම්දීමක් සිදු කළා.

ඔහු චීනයෙන් ඉල්ලා සිටියේ සිය රටට තර්ජනය කිරිම නවතා එහි ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම පිළිගන්නා ලෙසයි.

තායිවානය තමන්ගේ යැයි කියමින් සිටින චීනයේ තර්ජන හමුවේ තායිවානය කිසිවිටකත් පසුබට නොවන බවද ඔහු එහිදී ප්‍රකාශ කළා.

මේ අතර නවන ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තිය සම්බන්ධයෙන් චීනයද සිය ප්‍රතිචාර දක්වා තිබෙනවා.

චීනය පවසන්නේ එය තායිවානයේ ස්වාධීනත්වයේ මාරාන්තික අවසානයක් බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles