පාකිස්තානයේ වයඹ දෙසින් පිහිටි කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තයේ හටගත් අනපේක්ෂිත හිමපතනය සහ අධික වර්ෂාව හේතුවෙන් පුද්ගලයන් 35 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පසුගිය සතිඅන්තයේදී මේ ඛේදවාචකය සිදු වී ඇති අතර, මියගිය පිරිස අතර දරුවන් 22 දෙනකු සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
අධික වර්ෂාවෙන් සිදු වූ නාය යෑම් හේතුවෙන් නිවාස රැසක් පොලොවට මිහිදන් වී ඇති අතර, ඉන් වැඩි දෙනකු මිය ගොස් ඇති බවයි පැවසෙන්නේ.
දේශගුණික විපර්යාස හේතුවෙන් මේ අසාමාන්‍ය හිමපතනය සිදු වන්නට ඇති බවයි එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානියා ප්‍රකාශ කරන්නේ.
හිමපතනයත් සමඟ ඇද වැටුණු අධික වර්ෂාව නාය යෑමට හේතු වී ඇති අතර, නිවාස 150ක් පමණ මුළුමනින්ම විනාශ වී ඇති අතර තවත් නිවාස 500කට අධික ප්‍රමාණයකට සුළු හානි සිදු වී ඇති බවයි පැවසෙන්නේ.