පුපුරැස්ස ලෙවලන්වත්ත ප්‍රදේශයේ 38 හැවිරිදි පුද්ගලයෙක් නිවස තුළ විදුලි සැර වැදී මිය ගොස් ඇති බව වාර්තා වෙනවා.
විදුලි බිල ගෙවීමට නොහැකිවීම නිසා මෙම පුද්ගලයාගේ නිවසේ විදුලිය විසන්ධි කර තිබී ඇති අතර, ඒ හේතුවෙන් අසල පිහිටි සොයුරියගේ නිවසෙන් විදුලිය ලබා ගැනීමට ඔහු කටයුතු කර ඇති අතර එම අවස්තාවේ දී විදුලි සැර වැදී මෙම පුද්ගලයා මිය ගොස් ඇති බවයි, පොලීසිය සිදු කළ විමර්ශනවල දී හෙළි වී ඇත්තේ.
මේ පිළිබඳ පුපුරැස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි සඳහන් වන්නේ.