දුම්රිය රියදුරු වර්ජනයක්

දුම්රිය රියදුරන්ගේ උසස්වීම් ප්‍රමාදවීමේ ගැටලුව ඇතුළු ගැටලු කීපයක් මුල්කරගනිමින් ‘ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස්’ දුම්රිය රියදුරු සංගමය ඊයේ (6) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු බලධාරීන් දුම්රිය රියදුරන්ගේ ගැටලුවලට විසඳුම් දීම මඟහැරීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණවීමට සිදුවූ බවයි එම සංගමය පවසන්නේ.

මෙම වර්ජනය හේතුවෙන් උදෑසන දුම්රිය ගමන්වාර කිහිපයක් ප්‍රමාද වීම හෝ අවලංගු වීම සිදුවිය හැකි අතර අද (07) දිනයේ කොළඹ කොටුව සිට පිටත් වන දුම්රිය 8ක් අවලංගු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles