පොහොට්ටුවෙන් ගමට “දස” සේනාවක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් තමන්ට එල්ලවන අසත්‍ය චෝදනාවලට පිළිතුරු සැපයීමට සෑම ග්‍රාම නිලධාරී වසමකින්ම 10 දෙනෙක් තෝරා දස බල සේනාවක් නිර්මාණය කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

මේ සඳහා තමා සියලු ග්‍රාම සේවා වසම්වල සිටින ග්‍රාමීය නායකයින් තමා විසින් මුණ ගැසීමට යන බවයි ඔහු පවසන්නේ.

කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් එම වැඩසටහන හෙට (22) සිට ආරම්භ කරන බව ඔහු මන්ත්‍රීවරයා පවසනවා. තම පක්ෂය ඉදිරියට එන ඕනෑම මැතිවරණයකට සූදානම් කිරීම මෙහි අරමුණ බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles