ගෑස්, පෙට්රල් සහ ඩීසල් මිල ලබන වසරේ සිට වෙනස් වීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී ඊයේ (28) පැවති මාධ්‍ය හමුවකදී පැහැදිලි කිරීමක් සිදු වුණා.
එහිදී මුදල් අමාත්‍යංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනුජා පෙරේරා පැවසුවේ ඉන්ධන සහ ගෑස් සඳහා ජනවාරි 01 සිට වරාය සහ ගුවන්තොටුපොළ බද්ද ඉවත් කෙරෙන බවයි.
ඒ අනුව 18%ක වැට් බද්ද ඉන්ධනවලට ඇතුළු වුවද 7.5%ක බද්දක් ඉවත් වනු ඇති.
ගෑස් සඳහා 18%ක වැට් බද්ද ක්‍රියාත්මක වෙද්දී 2.5% බද්දක් අඩු වෙනු ඇති.