ජනපතිවරණයට අත පොවන කෘතිම බුද්ධි මෙහෙයුමක් ගැන අනතුරු ඇඟවීමක්

ඉදිරි ජනාධිපතිවරණයේදී මහජන මනස කලඹන ආකාරයේ කෘත්‍රිම බුද්ධි මෙහෙයුමක් සිදුකරමින් මැතිවරණයට බලපෑමක් කිරීමේ පසුබිමක් ඇතැයි මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් අවධාරණය කරනවා.

සයිබර් අවකාශය පාවිච්චි කරමින් කෙරෙන එවැනි මෙහෙයුමකට අවශ්‍ය පසුබිම ලෝකය පුරාම මේ වන විට ඇතැයි කී හෙතෙම ඩිජිටල් සාක්ෂරතාව අඩු ලංකාව වැනි රටවල මහජනයා ඊට පහසුවෙන් ගොදුරු කර ගැනීමට හැකියාවක් ඇති බවයි එම නිරීක්ෂණ කණ්ඩායම් අවධාරණය කරන්නේ.

අන්තර්ජාලයේ වේගයෙන් හුවමාරු සාවද්‍ය තොරතුරුවලට ප්‍රධාන ජනමාධ්‍ය පවා ගොදුරුවන පසුබිමක ජනාධිපතිවරණ දිනයක කෙරෙන එවැනි මෙහෙයුමකදී සිදුවන වැරැද්දක් ආපසු හැරවීම ඉතා දුෂ්කර වනු ඇතැයි ඔවුන් පවසනවා.

මැතිවරණ කොමිසම තවත් තාක්ෂණික වශයෙන් සන්නද්ධ හා යාවත්කාලීන කළ යුතු යැයි මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ මැතිවරණ නිරීක්ෂකයින් පවසනවා එම නිසා මේ තත්ත්වයට මුහුණදීමේදී ජනමාධ්‍යට මෙන්ම දේශපාලන පක්ෂවලටද විශාල වගකීමක් පැවරෙවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles