සමාජ මාධ්‍යයෙන් මඩගහන අයට හරීන්ගෙන් අනතුරු ඇඟවීමක්

ඇතැම් විද්‍යුත් මාධ්‍ය ද යොදාගනිමින් ක්‍රිකට් ක්‍රීඩාවට විනාශකාරී ලෙස පහර ගසන සමාජ මාධ්‍ය කල්ලිවලට එරෙහිව නීතිමය පියවර ගැනීම ආරම්භ කර ඇතැයි ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

ඒ අනුව සමාජ මාධ්‍ය නියාමන පනත හරහා අදාළ නීතිමය පියවර ගැනිමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා කියා සිටින්නේ.

“සමාජ මාධ්‍ය කිහිපයක් ආයෙත් සූදානම් වෙලා ක්‍රිකට්වලට මඩ ගහන්න. ගොඩක් අය අද නොදන්න දේ මේ දඹුල්ල සිද්ධිය නිසා මටත් සනත් ජයසූරියටත් චෝදනා කරනවා. ක්‍රීඩා වැරදි වැළැක්වීමේ ඒකකය 2019 දී පිහිටුවූයේ මමයි. ලෝකේ නැති නීතියක් ලංකාවේ තිබීමම අපිට ශක්තියක්. අලුතෙන් ගෙනාපු ON LINE පනත හරහා මඩ ගහන සියලුදෙනාට නඩු පවරනවා. සියලුදෙනාගේ සමාජ මාධ්‍ය තහනමකට ලක්වෙනවා. එකම චෝදනා කරන කට්ටියක් එකම නාලිකාවක් අල්ලගෙන අපිට මඩ ගහනවා.” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles