‘ජී7’ තීරණයට රුසියාවෙන් අනතුරු ඇඟවීමක්

රුසියාවට විරෝධය පළ කරමින් අත්හිට වූ රුසියානු වත්කම් යුක්‍රේනයට ආධාර ලෙස ලබාදීමට ‘ජී7’රටවල නායකයන් ඒකමතිකව තීරණය කිරීම සම්බන්ධයෙන් රුසියාවේ දැඩි විරෝධය එල්ල වී තිබෙනවා.

විදේශ රටවල අත්හිටුවන ලද රුසියානු වත්කම් ඩොලර් බිලියන 50කට ආසන්න මුදලක් මෙලෙස යුක්‍රේනයට යුධ ආධාර වශයෙන් ලබාදීමට ජී7 සමුළුවේදී තීරණය කෙරුණා.

කෙසේ වෙතත් රුසියන් රජය වෙනුවෙන්, එරට විදේශ කටයුතු අමත්‍යාංශයේ, ප්‍රකාශිකා මාරියා සකරෝවා මාධ්‍ය හමුවක් කැඳවමින් ‘ජී7’ නායකයන් ගත් මෙම තීරණය යුරෝපා සංගමයට ‘වේදනාකාරී’ ප්‍රතිඵල උදා කරනු ඇති බවට අනතුරු අඟවා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles