ජනපතිට සහය දෙන පොහොට්ටු මන්ත්‍රීවරුන්ට අනතුරු ඇඟවීමක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීම සඳහා එක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇතැයි පක්ෂ ආරංචි මාර්ග වාර්තා කරනවා.

ඊට අදාළ ලිපි කඩිනමින් එම මන්ත්‍රීවරුන් වෙත යොමුකිරීමට සූදානම් වන බවයි සඳහන් වන්නේ.

විනය ක්‍රියාමාර්ග ගැනීමෙන් අනතුරුව පක්ෂයේ තීරණයට එරෙහි වූ මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි වනු ඇති බවද පැවසෙනවා.

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එහි දේශපාලන මණ්ඩලය පසුගියදා රැස්වී තිබුණු අතර එහිදී පක්ෂයෙන් නම් කළ අපේක්ෂකයාට සහයදීමට එරෙහි වූ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවටද තීරණය කර තිබෙනවා.

පක්ෂය ගත් තීරණයට එරෙහි වූ මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට කටයුතු කරන ලෙස පක්ෂ ක්‍රියාකාරකයින් බොහෝ දෙනෙකු ඉල්ලීම් කර තිබූ බවයි පැවසෙන්නේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles