සුදු වෑන් එකක් නැවතත් කරලියේ: තරුණයෙක් පැහැරගෙන

සුදු වැන් රථයකින් පැමිණි කළු පැහැති ඇඳුම් ඇඳගත් පිරිසක් තරුණයෙකු පැහැරගෙන ගොස් ඇතැයි කළුතර දකුණ පොලීසිය පවසනවා.

මෙසේ පැහැර ගෙන ගොස් ඇත්තේ කළුතර හීනටියංගල ප්‍රදේශයේ 24 හැවිරිදි තරුණයෙකු බවයි සඳහන් වෙන්නේ.

පැහැරගෙන ගොස් ඇති තරුණයාගේ මව විසින් කළ පැමිණිල්ලක් අනුව තරුණයා සොයා පොලීසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

සැකකරුවන් සුදු පැහැති වැන් රථයකින් පැමිණ හීනටියංගල දේවස්ථානය ආසන්නයේ දී එම තරුණයා ට පහරදී ඔහුව පැහැරගෙන ගොස් ඇති බවට මෙතෙක් කල පරීක්ෂණවලදී හෙලි වූ බව සඳහන්.

සැකකරුවන් හඳුනාගෙන ඇති බවත් ඔවුන් ප්‍රදේශය හැරගොස් සිටින බවත් ඔවුන්ව කඩිනමින් අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකරන බවත් කළුතර දකුණ පොලීසිය ප්‍රකාශ කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles