ඇහැලියගොඩ ඇරෑපොල ප්‍රදේශයේ වයෝවෘද්ධ අඹුසැමි යුවලක් සිටි නිවසක් කොල්ල කෑමට පැමිණි කොල්ලකරුවන් විසින් එහි සිටි කාන්තාවක් තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර පලාගොස් ඇතැයි පොලීසිය පවසනවා.
එම නිවසේ සිටි පුරුෂයාද තියුණු ආයුධ ප්‍රහාරයට ලක්ව ඇති අතර ඔහු ද ඝාතනය වන්නට ඇතැයි සිතා කොල්ලකරුවන් පලා ගියද තුවාල ලබා බරපතල තත්වයෙන් සිටි ඔහු ඇහැලියගොඩ රෝහලට ඇතුලත් කළ බවයි වාර්තා වන්නේ.
එම අඹු සැමියන් දෙදෙනාගේ දරුවන් දෙදෙනෙකු විදේශගතව පදිංචිව සිටින අතර එක් දියණියක් කැළණිය ප්‍රදේශයේ පදිංචිව සිටින බවයි සඳහන් .
මෙම අඹුසැමි දෙපළ අදාල නිවසේ පදිංචිව සිට ඇති බවත් දේපල කොල්ලකෑම සදහා පැමිණි කිසිවෙකු මෙම ඝාතනය කර ඇතැයි පොලීසිය සැක පළ කරනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඇහැලියගොඩ ඈරෑපොළ නැදුරන ප්‍රදේශයේ පදිංචිකාරියක වන ජයසිංහ මුදියන්සේලාගේ චන්ද්‍රලතා අයරින් නමැති 74 හැවිරිදි තිදරු මවක්.