ඊශ්‍රායල් රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ කාන්තාවක් කොටුවෙයි

ඊශ්‍රායලයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ නිල්මිණි නමැති කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කතරගම, ගෝතමීගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියාවක් ලබාදෙන බව පවසා රුපියල් 1,689,000 ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට පුද්ගලයෙකු විසින් කාර්යාංශයට සිදුකළ පැමිණිල්ලක් මත මෙම සැකකාරියව ඊයේ (12) අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්.
ගන
ඒ, අදාළ කාන්තාව කාර්යාංශය වෙත කැඳවා ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව කාර්යාංශ පනත උල්ලංඝනය කිරීම යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් අතර සැකකාරිය අද (13) හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.

ඊශ්‍රායල් රැකියා ශ්‍රී ලාංකිකයින්ට හිමිවන්නේ දෙරට අතර ඇති අවබෝධතා ගිවිසුමක් අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීමෙන් පමණි.

ඒ අනුව කිසිඳු බාහිර පුද්ගලයෙකුට ඒ සඳහා මැදිහත් විය නොහැකි බවත් එසේ රැකියා ලබාදීමට හැකි බව පවසා මුදල් අය කරන පුද්ගලයින් පිළිබඳ තොරතුරු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට දැනුම් දෙන ලෙසත් කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles