වසර 46000කට පසුත් ජීවත්වන පණුවන් විශේෂයක්: අමරණීය සතුන් ද?

සයිබීරියාවේ හිමෙන් වැසුණු ප්‍රදේශයකින් පණු විශේෂයක් සොයා ගැනීමට සමත් ව තිබෙනවා. මෙම පණුවන් වසර 46000ක් වයසැති බවයි පැවසෙන්නේ. අක්‍රීය ස්වභාවයෙන් පොසිල තුළ හමුවූ මේ පණුවන්ට අවශ්‍ය ආහාර සහ ජලය ලබා දුන් විට උන් නැවතත් ජීවි තත්වයට පත් වූ බව විද්‍යා සඟරා කිහිපයක වාර්තා පළ වී තිබෙනවා.

ස්වභාවධර්මයේ සමහර ජීවීන් පාරිසරික තත්ත්වයන් අහිතකර වන විට cryptobiosis1 නම් අත්හිටුවන ලද පරිවෘත්තීය තත්ත්වයට ඇතුල් වීමේ හැකියාව වර්ධනය කර තිබෙන බවයි විද්‍යාඥයන් සඳහන් කරන්නේ. මූලික විශ්ලේෂණයන් පෙන්නුම් කරන්නේ මෙම නෙමටෝඩාවන් Panagrolaimus සහ Plectus4 ගණයට අයත් වන බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා.

වසර 46000කට පෙර එනම් Pleistocene යුගය යැයි නම් කර ඇති යුගයට අයත් යැ යි සැලකෙන මෙම පණුවන් නැවත සජීවී වීම ආතර් සී. ක්ලාක් සිය කෘතිවල පරිකල්පනය කරන ශිශිර තාරකා නින්ද සිහිපත් කරවන්නක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles