වසර 6ක් තිස්සේ විභාග කළ සොරකමක් සම්බන්ධ නඩුවකින් පසු තරුණයෙකු බරපතළ වැඩ ඇතිව වසරකට සිරගත කිරීමට අද කොළඹ මහේස්ත්රාත් අධිකරණය තීන්දු කර තිබෙනවා. මොහු කොළඹ 8 පදිංචි තරුණයෙක් බව තොරතුරු වාර්තා වුණා. කිහිපවතාවක් නඩුවාර මගහැරීම සම්බන්ධයෙන් මෙයට පෙර ඔහුට වරෙන්තුද නිකුත් කර තිබුණා.
සොරකම් කර තිබෙන බවට චෝදනා නැගුණේ ඩෙනිම් වර්ගයේ කලිසම් දෙකක්. මේ දෙකේ වටිනාකම රුපියල් 40000ක් පමණ වන බවයි වාර්තා වන්නේ.
2017 වසරේ දී කොළඹ කුරුඳුවත්තේ ප්රමුඛ පෙළේ නිමි ඇඳුම් අලෙවි සැලකදී මේ සොරකම සිදු කර තිබෙන බවට සඳහන් වෙනවා.