තරුණ වෛද්‍යවරයෙක් අබිරහස් ලෙස මිය යයි

පේදුරුතුඩුව රෝහලේ සේවය කළ 30 හැවිරිදි වෛද්‍යවරයෙකු සිය නිල නිවසේ ඇඳක් මත අබිරහස් අන්දමින් මිය ගොස් සිටියදී සොයා ගෙන තිබෙනවා.

ප්‍රේමානන්ද රාසා නම් මෙම වෛද්‍යවරයා 10 දින සිය සේවා කටයුතු අවසන් කර පිටව ගොස් ඇති අතර පසුව සේවයට වාර්තා කර නැති බැවින් සොයා බැලීමේදී ඔහුගේ නිදන කාමරයේ උඩුබැලි අතට වැටී සිටියදී සොයාගත් බව පේදුරුතුඩුව පොලිසිය පවසනවා.

යාපනයේ උපත ලද අයෙකු වන මෙම වෛද්‍යවරයා දීර්ඝ කාලයක් සිය පවුලේ සාමාජිකයන් සමඟ කොළඹ වාසය කළ බවටද අනාවරණය වී තිබෙනවා.

පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles