අත්පත්‍රිකාවක් භාර ගැනිම ප්‍රතික්ෂේප කළ වෙළෙඳසැලක සිටි පුද්ගලයෙක්ට එම අත්පත්‍රිකා බෙදමින් සිටි පුද්ගලයෙක් පහරදීමේ සිද්ධියක් නාවලපිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායකවරයා විසින් එම පහරදීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.
එම පුද්ගලයාට පහර දෙන අයුරු එම වෙළෙඳසැලේ සවි කරතිබු ආරක්ෂිත කැමරාවේ සටහන්ව තිබෙනවා.
නාවලපිටිය නගර මධ්‍යයේ පිහිටි ඔරලෝසු අලුත්වැඩියා කරන ස්ථානයේ හිමිකරුගේ පුත්‍රයාට මෙසේ පහර දී ඇති අතර, මෙම පහරදිම සිදුකර ඇත්තේ ඊයේ (15) උදැසන 11ට පමණ බව සඳහන්.
සජබ නාවලපිටිය ආසන සංවිධායකවරයා ආධාරකරුවන් පිරිසක් සමග එම වෙළෙඳසැල තුළ ට පැමිණ තරුණයාට අත්පත්‍රිකාවක් ලබාදී ඇති අතර එම අවස්ථාවේ අත්පත්‍රිකාව ලබා ගැනීම තරුණයා ප්‍රතික්ෂේප කර තිබෙනවා.
පහර කැමෙන් පසු අදාළ තරුණයා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළු වී ප්‍රතිකාර ලබා එම රෝහලේ පොලීසිය වෙත ගොස් පැමිණිල්ලක් කර අද (16) දින රෝහලෙන් පිටව ගොස් ඇතැයි සඳහන්.