මුදලට නිරුවත පෙන් වූ තරුණ කාන්තාවක්

පානදුර, අලුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචි එක් දරු මවක් මුදල් අය කරමින් සිය නිරුවත ඉන්ටර්නෙට් ඔස්සේ සජීවීව ප්‍රදර්ශනය කිරීම නිසා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මෙම කාන්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් නියෝග කර ඇත්තේ.

සැකකාර කාන්තාවට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනු කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට දන්වා තිබෙනවා.

ඇයගේ ගිණුමට මුදල් තැන්පත් කරන පුද්ගලයන්ට ඉන්ටර්නෙට් ඔස්සේ ඇය සිය නිරුවත ප්‍රදර්ශනය කර ඇත්තේ ඇය විනාඩියකට රුපියල් 1,000ක් බැගින් අය කරගෙන බවයි විමර්ශන කොට්ඨාසය අධිකරණයට සඳහන් කළේ.

සැකකාර කාන්තාවගේ සැමියා ඇයගේ මෙම ක්‍රියාව සඳහා අවශ්‍ය සහය ලබා දී ඇති බවත් මෙම කාන්තාව කාලයක පටන් මෙම ක්‍රියාව සිදුකර ඇති බවත් පරිගණක අපරාධ අංශය අධිකරණය සඳහන් කර තිබෙනවා.

මෙවැනි ආකාරයේ ක්‍රියාවන්හි නිරතවන කාන්තාවන් කිහිප දෙනෙකු පිළිබඳව තොරතුරු ලැබී ඇති බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ද විධිමත් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් සැකකාර කාන්තාව බොහෝ විට රාත්‍රි කාලයේදී සිය නිරුවත පෙන්වා එසේ මුදල් අය කර ගෙන ඇති බවත් අපරාධ විමර්ශන කොට්ඨාසය පවසනවා.

කෙසේ වුව ද සැකකාර කාන්තාව කුඩා දරුවෙකු ද අතැතිව අධිකරණයේ පෙනී සිටි ඇති බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles