මොළය මිය යාම හේතුවෙන් අවයව දන්දී පුද්ගලයන් හත්දෙනකුට ජීවිතය දුන් කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ උසස් පෙළ අධ්‍යාපනය ලැබූ 19 හැවිරිදි විහඟනා ආරියසිංහ සිසුවිය මෙවර උසස්පෙළ විභාගයේ වාණිජ විෂය ධාරාවෙන් ඒ සමාර්ථ තුනක් හිමි කර ගෙන තිබෙනවා.
ඇය වානිජ අංශයෙන් ආර්ථික විද්‍යාව, ව්‍යාපාර අධ්‍යයනය, ගිණුම්කරණය යන සියලු විෂය සඳහායි ඒ සාමාර්ථ ලබාගෙන තිබෙන්නේ.
කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 176 වැනි ස්ථානයත්, දිවයිනෙන්ම 2256 වැනි ස්ථානයත් හිමි කර ගෙන තිබෙන ඇයට හිමිව ඇති ඉසෙඩ් අගය 1.7 වෙනවා.
විහඟනා සිසුවිය ඇයගේ ශරීර අවයව කැමැත්තෙන් දන්දී තිබූ අතර ඇයගෙන් ලබා ගත් හදවත සහ පෙණහලු රෝගියකුට බද්ධ කර තිබෙනවා.
මේ අවයව දෙකම බද්ධ කරනු ලැබුවේ හෘදය සහ පෙණහලු අකර්මණ්‍ය වීමෙන් අසාධ්‍ය තත්ත්වයක පසුවූ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරියකට බවයි සඳහන් වෙන්නේ.
මීට අමතරව ඇයගෙන් ලබා ගත් වකුගඩු දෙකද අසාධ්‍ය රෝගීන් දෙදෙනකුට සාර්ථකව බද්ධ කර තිබූ අතර, ඉන් එක් වකුගඩුවක් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වකුගඩු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකුට සාර්ථකව බද්ධ කර තිබෙනවා.
කෙසේ වූව ද කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මාර්තු 22දා මෙලෙව හැර ගියේ තවත් පුද්ගලයන් හත් දෙනෙකුට ජීවිත දානය ලබා දෙමින් බවයි සඳහන් වෙන්නේ.