කොළඹ මහාධිකරණය විසින් තමන්ට එරෙහිව ලබා දුන් තීන්දුවේ ඇති අත්හිටවූ සිරදඬුවම අහෝසි කර නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
එම පෙත්සම ලබන 27 වැනි දා කැඳවීමට අභියාචනාධිකරණය අද (20) නියම කළා.
මේ පෙත්සම විභාග කිරීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්ද පත් කර තිබෙනවා.
ඇමැතිවරයා බස්නාහිර ප්‍රධාන අමාත්‍යවරයාව සිටියදී ඉඩම් ගොඩ කිරීමකට අදාළව ව්‍යාපාරිකයෙක්ගෙන් මිලියන 64ක මුදලක් ඉල්ලා තර්ජනය කිරීමට වරදකරු කර බරපතළ වැඩ ඇතිව වසර 2ක සිරදඬුවම් නියම කර එය 5 වසරකට අත්හිටවනු ලැබුවා. එයට අමතරව රුපියල් මිලියන 25ක වන්දියක් සහ රුපියල් මිලියනයක වන්දියක්ද දණ්ඩන තීන්දුවට ඇතුළත් වුණා.