විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව(U.G.C) අහෝසි කිරීමට උසස් අධ්‍යාපනය සංවර්ධනය කිරීම වෙනුවෙන් පත්කළ විශේෂ තේරීම් කාරක සභාව තීරණය කර තිබෙනවා.
එම විශේෂ තේරීම් කාරක සභාවේ සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ කටයුතු කරනවා.
ඒ වෙනුවට “ජාතික උසස් අධ්‍යාපන කොමිෂන් සභාව” නමින් නව ආයතනයක් පිහිටු වන බවයි සඳහන් වෙන්නේ.
එම කොමිෂන් සභාව ජනධිපතිවරයා විසින් පත්කරන සාමාජිකයින් 11 දෙනෙක්ගෙන් සමන්විත වෙනවා.
ඒ අනුව මෙතෙක් රාජ්‍ය විශ්වවිද්‍යාල පමණක් ආවරණය කළ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අහෝසි වීමත් සමඟ පිහිටු වන ජාතික උසස් අධ්‍යාපන කොමිෂන් සභාවෙන් රාජ්‍ය, අර්ධ රාජ්‍ය, රාජ්‍ය නොවන (Non-state) සහ වෘත්තීය අධ්‍යාපන (Vocational)සහ තත්ත්ව සහතික (Accreditation) යන අංශ සියල්ලම ආවරණය කෙරෙනවා.
රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ විශ්වවිද්‍යාල පිහිටුවීමටත්, රාජ්‍ය විශ්වවිද්‍යාලවල ස්වාධීනත්වය ආරක්ෂා කරමින් මූල්‍ය, යහපාලනය, වගවීම සහ විනිවිදභාවය පිළිබඳ වගකීම පවරමින් පරිපාලන පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමටත් තේරීම් කාරක සභාව නිර්දේශ කර තිබෙනවා.