නාරම්මල ප්‍රදේශයේ දී නාරම්මල පොලිසියේ උපපොලිස් පරීක්ෂකවරයෙකු විසින් වෙඩි තබා මරා දැමූ රොෂාන් කුමාරගේ අවසන් කටයුතු අද සිදු කෙරුණා.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් අදාළ පුද්ගලයාගේ පවුලට රුපියල් මිලියනයක් ලබා දී තිබුණා. ඒ අවස්ථාවේද රොෂාන් කුමාරගේ බිරිඳ පැවසුවේ තම සැමියාගේ ජීවිතය මුදලින් තක්සේරු කළ නොහැකි බවයි. කෙසේ වෙතත් මෙම මුදල් ලබා දීම බොහෝ විවේචනයට බඳුන් වූ බව පෙනී ගිය අතර අද දින රොෂාන් කුමාරගේ අවමංගල්‍ය අවස්ථාවේද ඒ ගැන සඳහන් කෙරුණා.
ඔහුගේ මිතුරෙකු අදහස් දක්වමින් කියා සිටියේ මිලියනයක් කියා ලොකුවට කියා සිටියාට එය ලක්ෂවලින් ගත් කළ කුඩා මුදලක් බවයි. එපමණක් නොව මිතුරාට සාධාරණය ඉටු කර ගැනීමට පස්සෙන් යාමටද සිදු විය හැකි බව පොලිසියේ අයෙක්ම තමාට පැවසූ බව ඔහු කියා සිටියා.
ඒ අතර දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඔහුගේ අවමංගල්‍යය වෙනුවෙන් සහභාගි වූ අවස්ථාවේදී රොෂාන් කුමාරගේ බිරිඳ අදහස් පළ කර තිබුණේ මෙසේයි.
“මට ලක්ෂ දහයයි දීල ගියේ. ලක්ෂ දහයෙන් මම මොනව කරන්නද? අපි ජීවත් වුණ විදියට මාස දෙකක්වත් ජීවත් වෙන්න බැහැ. මගෙ ඔලුව විකාර වෙලා තිබුණ වෙලාවක ආවේ.
මම ගෙදරට කියලා ගත්තෙ. පස්සෙ හිතුණා දෙයිහාමුදුරුවනේ මම මගේ මහත්තයගේ ජීවිතේ සල්ලිවලට මිල කළානේ කියලා. මට තරහ සල්ලිවලට මිල කරපු එක. එයාලා සාධාරණයක් කරනව නම් ඒක ලිඛිත ව දෙන්න ඕන. මුළු පවුලම ජීවිත කාලෙටම බලාගන්නවා කියලා .ඇයි එහෙම දෙන්නෙ නැත්තෙ.”