අද (30) දින ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී මෙරට ඉන්දියාව සමගින් අත්සන් කරන්නට යන එට්කා ගිවිසුම ගැන අදහස් පළ කෙරුණා. ඔහු පවසා සිටියේ මෙරට වත්මන් පාලකයා දුබල බැවින් වඩා රටට අහිතකර කොන්දේසි සහිතව එට්කා අත්සන් කිරීමට නියමිත බවයි.
මේ සම්බන්ධයෙන් මහින්ද රාජක්ෂ, ගෝඨාභය රාජපක්ෂ වැනි අය නිහඬ බවත්, ඔවුන් මේ වන විට රනිල් වික්‍රමසිංහ ජනපතිවරයාගේ වහල්ලුන් වී ඇති බවත් වීරවංශ මන්ත්‍රීවරයා චෝදනා කළා.
එසේම කිසිදු ජනවරමක් නැතිව සිටි රනිල් වික්‍රමසිංහට බලය ලබා දීම නිසා සිදුවන ව්‍යසනයන්ට අරගලකරුවන් සහ ගෝඨාභය වගකිව යුතු බවත් ඔහු අවධාරණය කරනවා.