ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීමේ කටයුතු අද (15) සිදුකිරීමට නියමිතයි.
ඒ අනුව උදෑසන 9.00 සිට පෙරවරු 11.00 දක්වා රාජගිරිය, සරණ මාවතේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාල ශ්රවණාගාරයේදී නාමයෝජනා භාරගැනීම සිදුකෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එහිදි විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා පෙරවරු 9.00 සිට පෙරවරු 11.30 දක්වා අවස්ථාව ලබා දී තිබෙන බවයි සඳහන් වන්නේ.
2024 ජනාධිපතිවරණයට අදාළව ඇප මුදල් භාරගැනීම ඊයේ (14) දහවල් 12.00න් අවසන් වූ අතර ඒ අනුව අපේක්ෂකයින් 40 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
නාමයෝජනා භාරගැනීමේ කටයුතුවලින් අනතුරුව ඉදිරිපත් වූ විරෝධතා සලකා බලා ජනාධිපතිවරණයට තෝරාගනු ලැබූ අපේක්ෂකයින් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්රකාශයට පත්කිරීමට නියමිතයි.
එහිදී ස්වාධීනව ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් සඳහා ඡන්ද සලකුණු නිකුත් කිරීම ද සිදු කරනු ලබනවා.
නාම යෝජනා පත්ර භාරගැනීම වෙනුවෙන් මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්රය සහ අවට ප්රදේශවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන ඇති අතර පොලිස් නිලධාරීන් 1,000ක පමණ පිරිසක් මෙම ආරක්ෂක වැඩපිළිවෙල සඳහා යොදවා ඇතැයි සඳහන්.