ලොරි රථයක් ඩෙවෝන් ඇල්ලට පෙරළීමෙන් අනතුරක්

තලවකැලේ සිට හැටන් කොටගල දක්වා ධාවනය කරමින් තිබු ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඩෙවෝන් දිය ඇල්ලට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා ඩෙවෝන් ඇළ මාර්ගයට පෙරළී ඇතැයි වාර්තා වෙනවා.

අනතුරින් බරපතළ තුවාල ලැබු ලොරි රියදුරුව කොටගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි දිඹුල පතන පොලීසිය සඳහන් කරන්නේ.

අනතුර සිදු වී ඇත්තේ ඊයේ (02) රාත්‍රි 7ට පමණ හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල ප්‍රාදේශීය රෝහල ආසන්නයේදීයි.

ලොරි රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් ලොරිය රියදුරුගේ පාලනයෙන් මිදී මාර්ගයෙන් ඉවතට පැන ඇළට පෙරළී ඇති අතර අනතුර සිදුවෙනවාත් සමග ලොරි රථයේ රියදුරුට සිහිසුන් වී රියදුරු අසුනේම රැඳී සිටිය දී වතු කම්කරුවන් පිරිසක් සහ දිඹුල පතන පොලීසියේ නිලධාරීන් විසින් දැඩි පරිශ්‍රමයක් දරා රියදුරුව ඉන් බේරාගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles