මාර්ග අනතුරුවලට ලක්වන රියදුරන් විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය සලකා බලමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කළා.
“රියදුරන් බීමතින් පමණක් නොව වෙනත් මත්ද්‍රව්‍ය භාවිතා කරන බව ද නිරීක්ෂණය වී තිබෙනවා. වෙනත් මත් ද්‍රව්‍ය භාවිත කර රිය පදවන්නන් පරීක්‍ෂා කිරීමට අවශ්‍ය උපකරණ ගෙන්වා ගැනීමටත් අපි බලාපොරොත්තු වෙනවා,”
මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ වෛද්‍ය පරීක්ෂණයකින් වෙනත් මත්ද්‍රව්‍ය භාවිතා කර ඇත්නම් සොයාගත හැකි බවයි.
බීමත්ව රිය පැදවීම පරීක්‍ෂා කිරීමේ උපකරණ සමඟ නීතිවිරෝධී මත් ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීම පරීක්‍ෂා කිරීමට අවශ්‍ය උපකරණ ලබා ගැනීමට ද කටයුතු කරන බව ඔහු සඳහන් සඳහන් කරනවා.