චෝදනා ලැබූ ඖෂධ නියාමන ප්‍රධානියා ආපසු කැඳවයි

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ වෛද්‍ය විජිත් ගුණසේකර නැවත සෞඛ්‍ය අමාත්‍යංශය වෙත කැඳවා ඇතැයි වාර්තා වෙනවා.

තත්වයෙන් බාල ඖෂධ රෝහල්ගත වීම ගැන මෙන් ම විවිධ ජාවාරම් සම්බන්ධයෙන් ඖෂධ නියාමන අධිකාරියේ ක්‍රියා පිළිවෙත ගැන පසුගිය කාලයේ මහත් ආන්දෝලනාත්මක කතාබහ ඇති වුණා. මහජනතාවගේ සෞඛ්‍යයට ප්‍රබලව බලපාන පරිදි ව්‍යාජ ඖෂධ ජාවාරම්කරුවන්ගේ ව්‍යාජ ඖෂධ මිලදී ගෙන රෝහල් වෙත බෙදාහැරීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණ පවා ක්‍රියාත්මක වෙනවා. ඒ අතර ප්‍රධාන විධයාක නිලධාරී ලෙස ඔහුගේ අත්සන් සහ නිලමුද්‍රා අවභාවිත කළ බවට වෘත්තීය සමිති ප්‍රබල චෝදනා නැගුවා.

නව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ විසින් ඔහුට ඉල්ලා අස්වෙන්නැයි දැනුම් දී තිබුණද එය ක්‍රියාත්මක නොකර, ආයතනයේ ප්‍රශ්නගත ලියකිවිලි විනාශ කරමින් සිටි බව වැඩිදුරටත් වෘත්තීය සමිති විසින් චෝදනා කරනු ලැබුවේ මෙම නිලධාරියාටයි.

කෙසේ වෙතත් මේ වන විට වාර්තා වන්නේ, අදාළ නිලධාරියා නැවත සෞඛ්‍ය අමාත්‍යංශය වෙත කැඳවා ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles