රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ අද(27) නියෝග කළා.
සැකකරුට රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් ද කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් නියම කරනු ලැබුවා.
හෙලිකොප්ටරයක් ලබා ගැනීම සඳහා මුදල් ලබාගෙන රුපියල් මිලියන හැත්තෑවක් වංචා කළ බව කියන සිදුවීමකට ඔහුව පසුගිය 22 වෙනිදා අත්අඩංගුවට ගනු ලැබුවා.
IWS හෝල්ඩින් සමාගම කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටුයුතු කළා.