යාල කැළේ අක්කර ගණනක ගංජා වගාවක්

කෝටි හයකට අධික වටිනාකමකින් යුත් ගංජා තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු යාල රක්ෂිතයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යුද හමුදා බුද්ධි අංශය ලබා දුන් තොරතුරක් මත පොලීසිය සහ යුද හමුදාව එක් ව සිදු කළ වැටලීමක දී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි යුද හමුදා මාධ්‍ය ඒකකය පවසන්නේ.

යාල වන රක්ෂිතයේ සුහන්දිරම්ආරු ප්‍රදේශයේ පහසුවෙන් ළඟා වීමට නොහැකි කිලෝ මීටර් 08ක් පමණ දුරින් වු අක්කර 4 ½ක භූමි ප්‍රදේශයක ගංජා වගාව පවත්වාගෙන යමින් මෙම ජාවාරම සිදු කර ඇති බවයි සඳහන් වන්නේ.

අලෙවි කිරීමට සූදානම් කර තිබූ ගංජා කිලෝ ග්‍රෑම් 1,570ක් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති අතර සැකකරුවන් තිදෙනා සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ගෝනගංආර පොලීසිය මඟින් සිදු කරන බව යුද හමුදා මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles