වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් වූ දේශබන්දු තෙන්න්කෝන් ඊයේ (02) සිය වැඩබලන ධුරය බාර ගැනීමෙන් පසු මහනුවර ඓතිහාසික දළදා මාලිගාව වෙත ආගමික කටයුතු සඳහා සහභාගි වුණා.
එහිදී ඔහු පවසා සිටියේ අපරාධ කල්ලි මැඩලා ජාතික ආරක්ෂාව තහවුරු කිරීම තම පළමු ඉලක්කය බවයි. ලොව බොහෝ රටවල් ජාතික ආරක්ෂාව පළමු තැන ලා සලකන බවයි වැඩබලන පොලිස්පතිවරයා පැවසුවේ.
දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයා සහ මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් හමුවී අනුශාසනා ලබා ගැනීමටද වැඩබලන පොලිස්පතිවරයා ගොස් තිබුණා.