කඩුවෙල වැලිවිට වැව මාර්ගයේ අපරීක්ෂාකාරී ලෙස ධාවනය කළ යතුරු පැදි 16ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රථවාහන රාජකාරියේ සිටි කඩුවෙල පොලිස් නිලධාරීන්ට ලැබුණ තොරතුරක් මත ඔවුන් එම ස්ථානයට ගොස් තිබෙනවා.
ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව, තනි රෝදයෙන් මෙන් ම අධික වේගයෙන් යතුරු පැදි ධාවනය කළ පිරිසක් නිරීක්ෂණය කළ නිලධාරීන් ඔවුන්ට සිය යතුරුපැදි නතර කිරීමට අණ කළත් ඒ අණ නොතකා ඔවුන් පළා යන්නට උත්සාහ කිරීමේදී හඹා ගොස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අංගොඩ, මුල්ලේරියාව, මාලබේ, කැළණිමුල්ල සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචි අවුරුදු 18-26 අතර තරුණ පිරිසක් බවයි තොරතුරු වාර්තා වූයේ.