ශ්‍රී ලංකා ජනපති රනිල් වික්‍රමසිංහගේ ඉන්දිය සංචාරයේ දී එරට ප්‍රබල ව්‍යාපාරික ගෞතම් අදානි මුණ ගැසී තිබෙනවා. එම හමුව ගැන අදානි ට්විටර් පණිවිඩයක් නිකුත් කළා.
ඔහු පවසන්‍නේ “කොළඹ වරාය බටහිර බහාලුම් පර්යන්තය අඛණ්ඩව සංවර්ධනය කිරීම, මෙගාවොට් 500ක සුළං විදුලි ව්‍යාපෘතියක්, හරිත හයිඩ්‍රජන් නිෂ්පාදනය වැනි යෝජනා සම්බන්ධයෙන්” තමන් ජනපතිවරයා සමග සාකච්ඡා කළ බවයි.