සඳ ජයගත් ඉන්දියාව සූර්ය මෙහෙයුමකටද සූදානම්!

අද දින උදෑසන 11.50ය සූර්යා වටා කක්ෂගත වීම පිණිස ඉන්දියාව විසින් යානාවක් ගුවන්ගත කරනවා. එය නම් කර ඇත්තේ, ආදිත්‍ය එල්-1 යනුවෙන්. මේ වන විට එහි පිටත්වීමේ ගණනය කිරීම අරඹා තිබෙන බව ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවිය වාර්තා කරනවා.

පෙරහුරු දියත් කිරීමේ මෙහෙයුම් සාර්ථකව අවසන් කළ බව ඉන්දීය අභ්‍යවකාශ ඒජන්සිය සඳහන් කර තිබෙනවා. සූර්යා වටේ කක්ෂයක සිට එහි ඡායාගෝලය, වර්ණ ගෝලය සහ සූර්යාගේ පිටතම ස්තරය වන කොරෝනා ස්තරය නිරීක්ෂණය කිරීම මෙම චන්ද්‍රිකාවේ අරමුණු අතර වන බව කියැවෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles