දැන් මෙරට ඇත්තේ ක්‍රිකට් නොවන බවත් අපේ ක්‍රිකට් දැන් කැරම් වගේ වී ඇති බවත් කාන්තා සහ ළමා කටයුතු ඇමැති ගීතා කුමාරසිංහ පවසනවා. ඇය තවදුරටත් පවසන්නේ ක්‍රිකට් කැරම් නොකර ගහන්න නම් හැමෝම මහන්සි විය යුතු බවයි.
ඇමැති ගීතා මේ බව පැවසුවේ පෙර පාසල් ගුරු වෘත්තිකයින්ගේ කොළඹ දිස්ත්‍රික් සම්මේලනයට එක් වෙමින්.
“අපේ පුරුද්දක් තමයි පැරදෙනකොට ගහනවා නැති වෙන්න. දිනනකොට මල් මාලාදාලා එයාපෝට් එකේ ඉඳන් ඇදන් ඇවිල්ලා ක්‍රිකට්කාරයෙක්ව ඉඹින්න පොර කනවා කට්ටිය. පැරදුණාම මූට ක්‍රිකට් ගහන්න බෑ. මූ මහ නරියෙක්, මූ ගිහිල්ලා වෙන වෙන ඒවා කර කර ඉඳලා එනවා. හොඳට සෙල්ලම් කරද්දි ආදරේ කරන්නයි පස්සේ ඔවුන්ට අපහාස කරන එකත්් වැරදියිනේ. අපේ ශ්‍රී ලාංකික ක්‍රිකට්වලට ඉතා ඉක්මනින් සතුටුදායක තත්වයක් ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථාන කරනවා“