හෙට (13) දහවල් 1 දක්වා වන කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලට තද වර්ෂාපතනයක් ඇති වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දැනට පවතින වැසි තත්වය ඉහළ යාමක් අපේක්ෂා කෙරෙනවා. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු සහ නැගෙනහිර පළාත්වලත් කුරුණෑගල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බවට අනාවැකි පළ වී තිබෙනවා.